පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් කර ඇත්තේ හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළ ආකාරයට සුරේෂ් සලේ මහතාට කිසිදු පහරදීමක් හෝ අමානුෂික ලෙස සැලකීමක් පොලිසිය විසින් සිදුකර නොමැති බවයි.
සුරේෂ් සලේ මහතා සම්බන්ධව නීතිමය පියවර ගැනීමේදී සාමාන්‍ය සැකකරුවෙකුට ක්‍රියා කරන ආකාරයටම කටයුතු කර ඇති බවත්, ඔහු වෙත කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ වධහිංසා පැමිණවීමක් වැනි නොසලකා හැරීමක් සිදුකර නොමැති බවත් පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ අවධාරණය කර ඇත.
















