• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

City of Dreams Sri Lanka කොළඹ විනෝදාස්වාදයේ ගෝලීය කේන්ද්‍රස්ථානයක්

13 July 2026
in දේශීය, පුවත්
City of Dreams Sri Lanka  කොළඹ විනෝදාස්වාදයේ  ගෝලීය කේන්ද්‍රස්ථානයක්
0
SHARES
14
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින්, ‘City of Dreams Sri Lanka’ සිය පළමු වසරේ අභිමානය සමරයි. ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාදය, සංස්කෘතික අංග සහ සුඛෝපභෝගී අත්දැකීම් කොළඹට රැගෙන එමින්, මෙම ව්‍යාපෘතිය මේ වන විට කොළඹ නගරය කලාපයේ ප්‍රමුඛතම සංචාරක සහ විනෝදාස්වාද ගමනාන්තයක් බවට පත් කර තිබේ.
සුවිශේෂී ජාත්‍යන්තර අත්දැකීම්
බොලිවුඩ් සුපිරි තරුව රිතික් රෝෂන්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම ගමන, ගෙවුණු වසර පුරා දේශීය සහ ජාත්‍යන්තර කලාකරුවන් රැසකගේ දායකත්වය සමඟින් පොහොසත් විය. අර්ජුන් රාම්පාල්, ශ්වේතා ශර්ධා, සුනිල් ෂෙට්ටි සහ නියා ෂර්මා වැනි ප්‍රකට නළු නිළියන් සහභාගී වූ ‘Signature Glam’ සහ ‘Signature Diwali Glitz’ වැනි ඉහළ පෙළේ උත්සව හරහා සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීමට හැකි විය. එමෙන්ම Viral Festival, Serendisco වැනි උළෙලවල් හරහා ජාත්‍යන්තර මට්ටමේ ඉලෙක්ට්‍රොනික සංගීත ශිල්පීන් සහ දේශීය කලාකරුවන් එකම වේදිකාවකට ගෙන ඒමට City of Dreams සමත් විය. ඊට අමතරව ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව ඉදිරිපත් කළ ‘La Bamba’ බ්‍රිතාන්‍ය West End බලපත්‍රලාභී සංගීතමය නාට්‍යය සහ ලෝක ප්‍රකට හාස්‍යෝත්පාදක රසල් පීටර්ස්ගේ ‘Relax World Tour’ ප්‍රසංගය මෙරට වේදිකා කලාවට නව මානයක් එක් කළේය.
උපායමාර්ගික අරමුණු
City of Dreams හි මූලික අරමුණ වී ඇත්තේ මුම්බායි සහ ඩුබායි වැනි ප්‍රමුඛ පෙළේ විනෝදාස්වාද නගර සමඟ තරඟ කළ හැකි ගමනාන්තයක් ලෙස කොළඹ ගොඩනැගීමයි. සිංහල – හින්දු අලුත් අවුරුදු, චීන අලුත් අවුරුදු, Holi Rush වැනි උත්සව මෙන්ම ‘Colombo Fashion Week’ සමඟ පවතින අඛණ්ඩ සහයෝගීතාව හරහා සංස්කෘතික හා විලාසිතා ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද මෙම ආයතනය සිය අනන්‍යතාව තහවුරු කරගෙන ඇත.
වසර පුරාම විවිධත්වයකින් යුත් වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, City of Dreams Sri Lanka අද වන විට දේශීය සහ විදේශීය සංචාරකයින් සඳහා නිරන්තරයෙන් අලුත් අත්දැකීම් උරුම කර දෙන ප්‍රධාන ආකර්ෂණයක් බවට පත්ව තිබේ.
Post Views: 16
Previous Post

එක්සත් ජාතීන්ගේ ගෝලීය AI පාලන සංවාදයට ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්

Next Post

සමුද්‍රීය හා වෙරළ පද්ධතිය රැකගැනීමට MEPA වෙතින් Ocean Watch ජංගම යෙදවුම

Editor TTV News

Editor TTV News

Next Post
සමුද්‍රීය හා වෙරළ පද්ධතිය  රැකගැනීමට MEPA වෙතින්  Ocean Watch  ජංගම යෙදවුම

සමුද්‍රීය හා වෙරළ පද්ධතිය රැකගැනීමට MEPA වෙතින් Ocean Watch ජංගම යෙදවුම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved