දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය, එහි නවතම සුවිශේෂී ආකර්ෂණීය අංගය ලෙස ‘Scope Cinemas’ සිනමා ජාලය හඳුන්වා දීමට 2026 ජූලි 29 වැනිදා නිල වශයෙන් පියවර තැබීය. මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා 2026 වසර අවසන් වීමට පෙර ‘The Shoppes’ හි 10 වන මහලේ අති නවීන සිනමා සංකීර්ණයක් විවෘත වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට නවීන තාක්ෂණයෙන් යුත් අසමසම සිනමා අත්දැකීමක් තිළිණ කරනු ඇත.
තිර පහකින් සමන්විත වන මෙම නවතම සිනමා සංකීර්ණයේ විශේෂිත VIP සිනමා ශාලා දෙකක්, ප්‍රභූ විවේකාගාර සහ ඉහළ පෙළේ භෝජන අත්දැකීම් ද අන්තර්ගත වන බව නිවේදනය කර තිබේ. 2025 අගෝස්තු මාසයේදී ආරම්භ වූ ‘The Shoppes’ සංකීර්ණය, සාප්පු සවාරි, භෝජන සහ විනෝදාස්වාදය එකම වහලක් යටට ගෙන එන ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්වෙමින් පවතින අතර, මෙහි 7 සහ 8 වන මහල් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
මෙම ඓතිහාසික නිවේදනය සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු දැවැන්තම චිත්‍රපට මංගල දර්ශනය වන ‘Spider-Man: Brand New Day’ හි මංගල දර්ශනයට සමගාමීවය. ඉදිරියේදී විවෘත වීමට නියමිත නව ආහාර සංකීර්ණය සහ පුළුල් වූ විනෝදාස්වාද අංග සමඟින්, ‘The Shoppes’ හි ඉදිරි සංවර්ධන අදියරයන් රටේ නාගරික විනෝදාස්වාද ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරනු ඇත.














