ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් (Karen Radford) මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා අතර නිල හමුවක් නාවික මූලස්ථානයේදී අද (30) සිදු විය.
මෙම හමුවේදී දෙපාර්ශ්වයටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සුහද සහ ඵලදායී අදහස් හුවමාරුවක් සිදුව තිබේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරියක වන කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් (Amanda Johnston) මහත්මියද සහභාගී වී ඇත. දෙරට අතර සබැඳියාව සංකේතවත් කරමින් මෙහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.














