27 April 2024
#ක්‍රීඩා

අවුරුද්දකින් ගැටුම් ඉවර කරනවා

ඉදිරි වසරක කාලය තුළ අලි මිනිස් ගැටුම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමින්.

මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පවතින වන අලි ගැටලුව පිළිබද සොයා බැලීම සදහා අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දින දෙකක කාලයක් එම ප්‍රදේශවල රැදි සිටිමින් සංචාරයේ නිරතවුණා.

ඒ අතරතුරයි රාජ්‍ය නිලධාරීන් , වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡාවක නිරත වුනේ. මෙහිදී ප්‍රදේශයේ ජනතාව අලි මිනිස් ගැටුම හේතුවෙන් මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ අවදානය යොමු වුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *