පිරිසුදු, හරිතවත් හා සෞඛ්‍යසම්පන්න දිවයිනක් බිහිකිරීමේ ජාතික දැක්ම පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව පවත්වනු ලබන ‘අත්තම’ ජාතික වැඩසටහන යක්කල ග්‍රාම සේවා පොලිස් වසමේ වසම් 20 තුළ පසුගියදා සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී යක්කල පොලිස් වසමට අයත් බැලුම්මහර, අලුත්ගම, පහළ ඉඹුල්ගොඩ බටහිර සහ ඉහළ යාගොඩ උතුර ඇතුළු සියලුම ග්‍රාම සේවා වසම්වල මාර්ග දෙපස පිරිසුදු කිරීමේ කටයුතු සහ ශ්‍රමදාන කටයුතු සිදු කෙරිණි.
මෙම ශ්‍රමදාන අවස්ථාවන් සඳහා යක්කල පොලීසියේ ප්‍රජා හා පාරිසරික අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්. සරත් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලනඥයින්, ග්‍රාම සේවා වසම්වල ආරක්ෂක කමිටු සභාපතිවරුන් සහ සාමාජිකයන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ප්‍රජා ශක්ති කමිටු නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.














