දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වීම හේතුවෙන් ඇතැම් වෙරළාශ්‍රිත ප්‍රදේශවලට මුහුදු රළ ගොඩබිමට ගැලීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ පිළිබඳව නාවික සහ ධීවර ප්‍රජාව මෙන්ම වෙරළාශ්‍රිතව ජීවත් වන ජනතාව ද දැඩි අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
කන්කසන්තුරය සිට මන්නාරම හරහා හලාවත දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි අතර එහි පැයට කිලෝමීටර 60 දක්වා වන තද සුළං ඇති විය හැක.කල්පිටිය සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළ ආසන්නයේ මුහුදු රළ ගොඩබිමට ගැලීමේ හැකියාවක් පවතී.














