කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම කාලගුණ අනාවැකියට අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකිය. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින්, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැඩිව දැනුම් දී තිබේ.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වාත්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වනු ඇත. මෙම කලාපයන්හි නාවික සහ ධීවර කටයුතුවල යෙදෙන ප්‍රජාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතුය.
මීට අමතරව, මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0ත් 2.5ත් අතර ප්‍රමාණයකින් උස් වීමේ හැකියාවක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර, තමන්ගේ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.
















