කොලොම්බියාවේ වත්මන් වාමාංශික පාලනය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා වන ජනාධිපතිවරණ සටනේදී ‘Pacto Historico’ පක්ෂයේ අපේක්ෂක අයිවන් සෙපේඩා (Ivan Cepeda) 44.3% ක සහයෝගයක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටින බව නවතම මත විමසුම් වාර්තා පෙන්වා දෙයි. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, වත්මන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ (Gustavo Petro) දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාම සඳහා ඔහු වඩාත් හිතකර මට්ටමක පසුවෙයි.
දක්ෂිණාංශික විපක්ෂය මේ වන විට අපේක්ෂකයින් දෙදෙනෙකු අතර බෙදී පවතී. ව්‍යාපාරික අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙලා (Abelardo De La Espriella) 21.5% ක සහයෝගයක් ද, විපක්ෂයේ දැඩි මතධාරී දේශපාලනඥවරියක වන පලෝමා වැලෙන්සියා (Paloma Valencia) 19.8% ක සහයෝගයක් ද ලබා ගෙන ඇත.ඉන්වාමර් (Invamer) ආයතනය විසින් සිදු කරන ලද මෙම මත විමසුමට අනුව, ජූනි මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන වටයේදී (Runoff) අයිවන් සෙපේඩා තම ප්‍රධාන ප්‍රතිවාදීන් දෙදෙනාගෙන් කවුරුන් ඉදිරිපත් වුවද ඔවුන් පරාජය කරනු ඇති බවට පුරෝකථනය කර තිබේ. කොලොම්බියානු වාමාංශික පාලනය තවදුරටත් ස්ථාවර වීම කෙරෙහි මෙම ප්‍රවණතාවය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පවසති.














