කොලොම්බියානු ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීමේ නිල ප්‍රතිඵලවලට අනුව තමන් පරාජයට පත් වූ බව වාමාංශික අපේක්ෂක අයිවන් සෙපෙඩා (Ivan Cepeda) විසින් පිළිගැනීමත් සමඟ, ජූනි 21 වැනිදා පැවැත්වීමට නියමිත දෙවැනි වටයේ තීරණාත්මක ජනාධිපතිවරණ සටන සඳහා වේදිකාව සකස් වී තිබේ. ඒ අනුව දෙවැනි වටයේදී ඔහුට දක්ෂිණාංශික නීතිඥයෙකු වන අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙලා (Abelardo De La Espriella) සමඟ තරඟ කිරීමට සිදුවනු ඇත. පළමු වටයේදී දේශපාලන කරළියට අලුතින් පිවිසි අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටි එස්ප්‍රියෙලා සියයට 43.7ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර සෙපෙඩා ලබාගත්තේ සියයට 40.9කි.
ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ සහ හැඳුනුම්පත් 800,000කට අධික සංඛ්‍යාවක අක්‍රමිකතා පවතින බව පවසමින් සෙපෙඩා මුලින් මෙම ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ද, පසුව ඊට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව ප්‍රකාශ කළේය. වත්මන් ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ සමීපතමයෙකු වන සෙපෙඩා විසින් පළමු වටයේ ප්‍රතිඵල පිළිගන්නේ නම් පමණක් තමන් රූපවාහිනී සංවාද සඳහා සහභාගී වන බවට දක්ෂිණාංශික අපේක්ෂක එස්ප්‍රියෙලා කොන්දේසියක් ද පනවා තිබුණි. කෙසේ වෙතත්, සියල්ල අවසානයේ ‘Historic Pact’ සහ ‘Alliance for Life’ සන්ධානය වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයේ පළමු වටයේ නිල ප්‍රතිඵලය ස්ථිරවම පිළිගන්නා බව සෙපෙඩා සිය X (ಟ್විටර්) ගිණුම ඔස්සේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
















