ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම සහාධිපත්‍ය වෙළඳපොළ සමීක්ෂණ වාර්තාවට අනුව, 2026 වසරේ පළමු කාර්තුවේදී කොළඹ දිස්ත්‍රික්කයේ නව මහල් නිවාස මිල දර්ශකය 284.4ක් දක්වා සියයට 18.5කින් ඉහළ ගොස් ඇත. මිල මෙලෙස ඉහළ ගියද, මහල් නිවාස දේපළ අලෙවි පරිමාව පෙර වසරට සාපේක්ෂව සියයට 15.2කින් පහත වැටී තිබේ. 2026 පළමු කාර්තුවේදී වාර්තා වූ මුළු මහල් නිවාස විකුණුම්වලින් සියයට 65ක්ම අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. රු. මිලියන 50 සිට රු. මිලියන 75 දක්වා මෙන්ම රු. මිලියන 75ට වැඩි මහල් නිවාස අලෙවියේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, රු. මිලියන 25 සිට රු. මිලියන 50 දක්වා පරාසයේ පවතින මහල් නිවාස අලෙවියේ මෙම කාර්තුව තුළ පහළ යාමක් වාර්තා වේ.
















