කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මතුපිට උද්ධමනය සියයට 5.5 ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇත. 2026 අප්‍රේල් මාසයේදී මෙම අගය සියයට 5.4 ක් ලෙස වාර්තා විය.
ආහාර උද්ධමනය: අප්‍රේල් මාසයේ පැවති සියයට 2.8ක අගයේ සිට මැයි මාසයේදී සියයට 0.9ක් දක්වා පහළ ගොස් තිබේ.
ආහාර නොවන උද්ධමනය: අප්‍රේල් මාසයේ සියයට 6.8ක් ලෙස පැවති අගය, මැයි මාසයේදී සියයට 7.8ක් දක්වා ඉහළ ගොස් ඇත.
















