රුපියල් කෝටි 19කට අධික වටිනාකමකින් යුත් ඇමෙරිකානු ඩොලර් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මහා පරිමාණ මධ්‍යස්ථානයක් වැටලීමට කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ලැබුණු රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර තිබූ ඇමෙරිකානු ඩොලර් නෝට්ටු තොගයක් සොයාගෙන ඇති අතර, මෙම ස්ථානය තුළ දේශීය මුදල් ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක සහ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
















