ආර්ථික අර්බුදය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත රුපියල් 3500 ක සතොස වවුචරපත් 120,000 ක් බෙදා දීම අද (27) දින නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ වී.ඒ. ප්‍රේමදාස ප්‍රජා ශාලාවේ දී ආරම්භ කරන ලදී.
විශේෂයෙන්ම කොළඹ නාගරික බල ප්‍රදේශයතුල ජීවත්වන අඩු ආදායම්ලාභී සහ මහජනාධාර ලබන 14000 කට ආසන්න පවුල්වලට මෙන්ම දෛනික ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා මෙම වවුචර පත් බෙදාදී මේදී මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනිය “කොච්චිකඩේ කොට්ඨාසයේ ජීවත්වන ජනතාව වෙත රුපියල් 3500 ක වටිනාකමකින් යුත් සතොස මගින් වියලි ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හැකි වවුචර් පතක් ලබා දීමට අද දින අපි කටයුතු සිදුකරනු ලබනවා. රටේ පවතින මේ ආර්ථික අර්බුදය අවස්ථාවේදී යම්තාක් දුරට හෝ කොළඹ නාගරික බල ප්‍රදේශ ජීවත්වන ජනතාව ඉන් මුදවා ගැනීමට මම මගේ නාගරික මන්ත්‍රීවරුන් 119 ත් සමග එක්ව ජනතාව වෙනුවෙන් දිය හැකි සෑම දෙයක්ම ලබාදීමට කටයුතු සිදුකරනු ලබනවා. කොළඹ නගරයේ ලක්ෂ 7කට ආසන්න ජනතාවක් සිටින අතර ඉන් 60% ක ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභී ජනතාවයි. එම සියලු දෙනාටම මෙම වවුචර්පත ලබාදීමට අප කටයුතු සිදුකරනු ලබනවා. මේ වන විට මා විසින් world food programme එක සමග එක්ව ගැබිණි මාතාවන්ට රුපියල් 15000ක කාගීල්ස් Food City වවුචර් පතක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම යුනිසෙෆ් ආයතනය සමග එක්ව කොළඹ නාගරික බල ප්‍රදේශයේ පෙර පාසල් වල සිටින ළමුන් සඳහා රුපියල් 100ක වටිනාකමකින් යුත් දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ FAO ආයතනය හරහා කෘෂි ආර්ථිකය ශක්තිමත් කරමින් Urban Harvest කියන වැඩසටහන මේ වන විට දියත් කරමින් පවතිනවා. ඒ වගේම ප්‍රජා කුස්සිය වැඩසටහන හරහා කොළඹ අඩු ආදායම්ලාභී ජනතාව වෙත දිවා ආහාර වේලක් ලබා දීමට කටයුතු සිදුකර තිබේනවා. මෙම වැඩසටහනෙහි මූලාරම්භය හැටියට කිරුලපන නාගස්වත්ත ප්‍රදේශයේ ජීවත් වන ජනතාව වෙත ආහාර වේල ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඉදිරියේදී මෙය සෑම කොට්ඨාසයකම ව්‍යාප්ත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා යැයි නගරාධිපතිවරිය වැඩි දුරටත් පැවසීය.