කොම්පඤ්ඤවීදිය මුරුගන් කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් රුපියල් මිලියන 26.7ක් පමණ වටිනා දේවාලයේ රන් ආභරණ සොරකම් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකාර පූජකවරයාට සංචාරක තහනමක් පනවා තිබේ.
සතීස්වරන් කුරුක්කල් ලෙස හඳුනාගෙන ඇති මෙම ප්‍රධාන පූජකවරයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහු නීතිය මඟහරිමින් සැඟවී සිටින බව පොලිසිය පවසයි.














