කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
අද (08) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි ඇය, සුරේෂ් සලේ මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව රෝහල් පරිශ්‍රයෙන් පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඔහු මේ වන විට ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රැඳවුම් භාරයේ සිටියදී තමන්ට සිදුවූ අමානුෂික සැලකීම්වලට එරෙහිව සුරේෂ් සලේ මහතා ආරම්භ කළ උපවාසය රෝහල්ගතව සිටියදී ද අඛණ්ඩව පවත්වාගෙන යන බව පවුලේ සාමාජිකයෝ තහවුරු කරති.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ මනෝරි සලේ මහත්මිය, “සර් තාම කන්නේ බොන්නේ මොකුත් නෑ. එයාට අසාධ්‍යයි. වෛද්‍යවරු නම් බලනවා, සේලයින් දෙනවා. සර් කන්නේ බොන්නේ නෑ, මොකුත් කරන්නේ නැහැ. සර්ගේ උපවාසය අතාරින්නේ නෑ,” යනුවෙන් ඉතා හැඟීම්බරව ප්‍රකාශ කර සිටියාය.
















