• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වටිනාකම දැනගෙන සංවර්ධනය කළ යුතුයි – නගරාධිපතිනි රෝසි කියයි

8 January 2021
in දේශීය

කොළඹ නගරයේ හැම බිම් අඟලකම වටිනාකම හඳුනාගෙන දූරදර්ශී දැක්මක් සමග ඉදිරියේදී සංවර්ධන කටයුතු සිදු කිරීම සිදුකල යුතු බව නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ දිසා 2 – A ඉංජිනේරු කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ පැරණි ගොඩනැගිල්ල වෙනුවට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය, ”  කොළඹ නගරයේ වර්ග කිලෝමීටර් 37 ඇතුළත, අධික ජනග්‍රහනයක් සිටින නගරයක් හැටියට අපේ තියෙන වටිනා ඉඩම් මින් ඉදිරියට අපි සංවර්ධනය කරන කොට අපි ඉතාමත් කල්පනාකාරීව මේ ඉඩම්වල වටිනාකම හඳුනගෙන මේ ඉඩම් වලින් වැඩි ප්‍රයෝජනයක් ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන අවධානයක් යොමු කළ යුතුයි.අපි අද හෙට සහ වර්තමානයේ තියෙන අඩුපාඩුකම් ගැන පමණක් හිතලා කටයුතු නොකල යුතුයි. 2023, 2024 වන විට වරාය නගරය සුහුරු වාණිජ නගරයක් ලෙස ස්ථාපිත වෙන කොට වරාය නගරයට ලබාදෙන සේවාවන් වලින් බාගයක් අපි අපේ කොළඹ නගරය හරහා ලබාදීමට අවස්ථාවක් උදාකර ගත යුතුයි.

මින් ඉදිරියට අපි යම්කිසි සංවර්ධන කටයුත්තක් සිදු කරන කොට වසර විසිපහක් පනහක් ඉදිරියට දූරදර්ශී දැක්මක් සමඟ සංවර්ධන කටයුතු කළ යුතුයි. වරාය නගරය කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු සිදු කරන තැනක්. මම විශ්වාස කරනවා ඉදිරි වසර දෙක තුනක් ගතවෙනකොට අපේ පාරවල් ගොඩනැගිලි ඒ හා සමානව සංවර්ධනය කිරීමට හැකි වේවි කියලා. කොළඹ නගරයට පැමිණෙන දහස් ගණන් විදේශිකයින්ට නිවාස පහසුකම්, කෑම පහසුකම් සඳහා වරාය නගරය තුළ දී විශාල වියදමක් දැරීමට සිදුවන නිසා කොළඹ නගරය තුළ එම පහසුකම් සැලසීමට අපි අවස්ථාවන් උදාකර ගත යුතුයි. අපි අපේ කොළඹ නගරයේ හැම බිම් අඟලකම වටිනාකම හඳුනාගෙන දූරදර්ශී දැක්මක් සමග ඉදිරියේදී සංවර්ධන කටයුතු සිදු කිරීම සිදුකල යුතුයි. පානීය ජල පහසුකම් නොමැති සනීපාරක්ෂක පහසුකම් නොමැති අඩු ආදායම්ලාභී කොළඹ නගරයේ ජනතාවට ගරුත්වයකින් යුතුව ජීවත් වීමට අවශ්‍ය කරන හිසට සෙවණක් කියන සංකල්පය මත ඉඳගෙන ඒ අයගේ වැඩි දියුණුව තකා නිවාස සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා. කොළඹ නගරයේ පැල්පත් වාසීන්ට නවීකරණයත් සමඟ සියලු පහසුකම් තියෙන නිවාස ලබා දෙන්න අපි කටයුතු කරනවා. මේක අපිට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ,නගර සභාවට ඒකට මූල්‍ය පහසුකම් නැහැ. අපිටඒ සඳහා අවශ්‍ය ඉඩම් තියෙනවා. නමුත් අපිට මේ සඳහා මධ්‍යම රජයේ සහයෝගය අවශ්‍යයි.

කානු පද්ධති,වැසිකිළි පද්ධති උඩ නිවාස ඉදිකරගෙන ඉතාමත් දුෂ්කර ලෙස ජීවත්වන ජනතාව සිටින නගරයක් තමයි කොළඹ නගරය. ඉතින් වරාය නගරය ඉදිකිරීමත් සමඟම අපි කොළඹ නගරයත් ඒ හා සමානව අපි සංවර්ධනය කළ යුතුයි. ඉදිරියේ දී ජනතාවගේ දුවා දරුවන්ට සියලු පහසුකම් සමඟ ජීවත් වීමට අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කර දීමට අපට පුලුවන්නං ඒක තමයි අපි ලබන ජයග්‍රහණය.මම සැම විටම PPPP ( Public Private Peoples Partnership ) යන සංකල්පය තුළ තමයි කොළඹ නගරයේ නගරාධිපතිනිය හටියට කටයුතු කරන්නේ.

වරාය නගරය ඉදි වී මූල්‍යමය පසුබිමක්නි යුතුව කටයුතු කරනකොට රැකියා අවස්ථා 89,000 කට වැඩිය නිර්මාණය වෙනවා.ඒ රැකියා අවස්ථා ඉල්ලුමට සරිලන පරිදි කොළඹ නගරයේ ජීවත් වන අපේ තරුණ තරුණියන් සූදානම් කල යුතුයි.
පුහුණු පාඨමාලා අධ්‍යාපනික වැඩසටහන් විසි එක්වන සියවසට ගැලපෙන පරිදි සකස් කර මානව සම්පතට ආයෝජනයක් කළ යුතුයි. කොළඹ නගරයේ ජනතාවගේ දුවා දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය තාක්ෂණික දැනුම පරිගණක පුහුණුව ලබාදීමට කටයුතු කළ යුතුයි. තාක්ෂණික දැනුම පිරුණු ලෝකයේ අපි තවමත් ජීවත් වෙන්නේ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා අපිට ඉතිරි කරලා ගිය අධ්‍යාපන ක්‍රමයත් සමඟයි. රැකියා ඉල්ලුමට අනුව නෙවෙයි අපේ රටේ අධ්‍යාපනය නිර්මාණය වෙලා තියෙන්නේ. විසි එක්වන සියවසට ගැලපෙන ආකාරයට අපේ රටේ අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කළ යුතුයි. නගර සභාවක් හැටියට අපිට පුළුවන් වෘත්තිය පුහුණූ මධ්‍යස්ථාන හරහා වෘත්තිය පුහුණු පාඨමාලා පවත්වා රැකියා ඉල්ලුමට සරිලන පරිදි මානව සම්පත සූදානම් කිරීමට. නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු ඇතුළු ආයතනික ප්‍රධානීන් සියලුම දෙනා එකට එකතුව එක අරමුණක් සදහා කටයුතු කළොත් අපේ දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වටිනාකමක් ලබාදීමට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි අනාගත පරපුරේ දුවා දවරුන්ට වටිනාකමක් ලබා දුන්නේ නැතිනම් අපි මේ සිදුකරන කිසිම සංවර්ධන කටයුත්තකින් පලක් නැති වෙනවා. කිසිම රටකට ආර්ථික වශයෙන් දියුණුවක් ලබා ගන්න බැහැ ඒ රටේ මානව සම්පතට ආයෝජනයක් කළේ නැතිනම් යනුවෙන් එතුමිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය නගරාධිපති එම්.ටි.එම්.ඉක්බාල් . නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක , දිසා 2 – A ඉංජිනේරු මහත්ම මහත්මින් ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් සියලු ආයතන ප්‍රධානින් සහභාගී විය.

 

Post Views: 14
Previous Post

රාජ්‍ය ඇමැති දයාසිරිට කොරෝනා ආසාදනය වෙයි

Next Post

නායකයින් අවස්ථාවාදීන් බව කුමාර වෙල්ගම කියයි

editor

editor

Next Post

නායකයින් අවස්ථාවාදීන් බව කුමාර වෙල්ගම කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved