2029 සිට 2030 කාලය වන විට කොළඹ සිට පානදුර, මාකුඹුර සහ රාගම දක්වා විද්‍යුත් දුම්රිය මාර්ග පද්ධතිය නිම කිරීමට රජය බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
දුම්රිය සේවය නවීකරණය කිරීමේ දිර්ඝකාලීන සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා, දුම්රිය සේවාවේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ රාජ්‍ය සේවකයන් සඳහා වාර ප්‍රවේශ පත්‍ර ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත්, සැප්තැම්බර් මාසයේදී එම පහසුකම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ද හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත් සඳහන් කර ඇත.














