• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව IADRC සමග අත්වැල් බැඳගනී

8 June 2023
in ව්‍යාපාර

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ට අනුකූලව කොළඹ වරාය නගරය තුළ ස්වාධීන ජාත්‍යන්තර වාණිජ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා International ADR Centre (IADRC) සමග පසුගියදා ගිවිසුම්ගත විය.

මෙය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපය ගෝලීය වශයෙන් තරගකාරී ව්‍යාපාරික කේන්ද්‍රයක් ලෙස ලොව පුරා ජනප්‍රිය කරවීමේ උත්සාහයෙහි වැදගත් ඉදිරි පියවරකි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ 62 වන වගන්තියට අනුව, එම කොමිෂන් සභාව සහ කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර කටයුතු සිදුකිරීම සඳහා අවසර ලත් පුද්ගලයන් හා පදිංචිකරුවන් අතර පැනනගින මතභේද විසඳාලීම සඳහා ජාත්‍යන්තර තලයේ වාණිජ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කොමිෂන් සභාව පියවර ගත යුතු වේ.

ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce – CCC) සහ වාණිජ නීතිය හා භාවිතය සංවර්ධනය සඳහා වූ ආයතනය (Institute for the Development of Commercial Law and Practice – ICLP) අතර හවුල්කාරීත්වයක් ලෙස ක්‍රියාත්මක වන IADRC ආයතනය දැනට සමථකරුවන් හා මැදිහත්කරුවන් පුහුණු කිරීම ඇතුළුව ආරවුල් නිරවුල් කිරීමේ සේවාවන් සැපයීමෙහි නිරතව සිටින අතර, ආරවුල් නිරවුල් කිරීම සඳහා සකස් කරන ලද ආයතනික නීති පද්ධතියක්ද එය සතු ය. IADRC හි කොළඹ වරාය නගර කාර්යාලය දැනට 22 වන මහල, නැගෙනහිර කුලුන, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එචිලන් චතුරස්‍රය, කොළඹ 01 යන ලිපිනය දරන ස්ථානයෙහි පවත්වාගෙන යනු ලබන අතර, ඉදිරියේදී කොළඹ වරාය නගරය තුළ අදාළ යටිතල පහසුකම් සම්පූර්ණ වීමෙන් අනතුරුව එහි ස්ථාපිත කෙරෙනු ඇත.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යනු කොළඹ වරාය නගරය තුළ ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීමේ එකම බලයලත් අධිකාරිය වන අතර, මෙවැනි පියවර මගින් ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇති බවත්, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව කලාපයේ සේවා අපනයන කේන්ද්‍රයක් ලෙස ස්ථානගත කිරීමට හැකිවනු ඇති බවත් එම කොමිෂන් සභාව විශ්වාස කරයි.

මෙම හවුල්කාරීත්වය ඇතිකරගැනීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වෙතින් නොමඳ සහයෝගයක් හිමි විය.

 

පිටපත – PR

 

 

Post Views: 7
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පළාත් සෞඛ්‍ය සමුළුවක්

Next Post

නව කම්කරු නීති පද්ධතියට අදාල යෝජනා ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා – ඇමැති මනුෂ

editor

editor

Next Post

නව කම්කරු නීති පද්ධතියට අදාල යෝජනා ඉදිරි සතියේදී ඉදිරිපත් කරනවා - ඇමැති මනුෂ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved