කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද අතිවිශේෂ ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර ඇති නියමයන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ‘මරීනා හොටෙල් හෝල්ඩිංග්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්’ ආයතනය මෙන්ම ‘ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්’ සහ ‘හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ්’ යන ආයතන ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.














