අනුරාධපුර අභයගිරි විහාර පරිශ්‍රයේ කපාරාම සංකීර්ණයේ උතුරු ප්‍රකාරය කැණීම් කිරීමේදී අඟල් තුන හමාරක් පමණ උසැති, ලෝකඩවලින් නිර්මාණය කර රන් ආලේපිත බුදු පිළිම 17ක් හමු වී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය, මධ්‍යම සංස්කෘතික අරමුදලේ උපදේශක පුරාවිද්‍යා අධ්‍යක්ෂ චන්දන රෝහණ විතානච්චි මහතා සඳහන් කළේ මෙම ප්‍රතිමාවල ක්‍රි.ව. 7 වැනි සහ 8 වැනි සියවස්වල ලක්ෂණ පවතින බවයි. යම් ආක්‍රමණයක් හමුවේ මෙම ප්‍රතිමාවල ආරක්ෂාව වෙනුවෙන් රැගෙන යමින් සිටියදී අහඹු ලෙස මෙම ස්ථානයේ ඒවා තැන්පත් කරන්නට ඇති බවට මූලික පරීක්ෂණවලදී පෙනී ගොස් ඇත.














