මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අති නවීන අයුරින් හා මනරම් ලෙස සංවර්ධනය කරන ලද කොළඹ තුරඟ තරඟ පිටිය පරිශ්‍රය මේ වන විට නිසි නඩත්තුවක් නොමැතිකමින් සම්පූර්ණයෙන්ම අබලන් තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
න්
විශේෂයෙන්ම පරිශ්‍රයේ පිහිටි වැසිකිළි පද්ධතිය අබලන් මට්ටමට පත්ව ඇති අතර, එය දුර්එඝන්යධයෙන් පිරි ඇත. පරිශ්‍රය වටපිටාව පුරා අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබීම නිසා සමස්ත පරිශ්‍රයම අතිශය අවලස්සන ස්වරූපයක් ගෙන තිබේ. මීට අමතරව, මෙතෙක් නොතිබූ අයුරින් පරිශ්‍රයට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීම සඳහා ටිකට්පත් නිකුත් කිරීමේ කඩඉමක් සකසා ඇති අතර, එම ඇතුල්වීමේ දොරටුව පවා ඉතා අක්‍රමවත් හා අවලස්සන ආකාරයෙන් සකස් කර ඇති බවට ජනතාව චෝදනා කරති.
















