කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදු කෙරෙන අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අද (12) උදෑසන 09:30 සිට හෙට (13) දින සවස 03:00 දක්වා කාලය තුළ එය සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ කාල සීමාව තුළ ගමන් ගන්නා රියැදුරන් සහ පදිකයින් විකල්ප මාර්ගයක් ලෙස ගුවන් පාලම භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.














