කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (අගෝස්තු 20) දිනය අවසානයේ පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව [EconomyNext](https://economynext.com/sri-lanka-stocks-close-down-on…/) වාර්තා කරයි.
ඒ අනුව ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ලකුණු 10.95 කින් පහළ ගොස් ඇත. දිනය නිමා වන විට දර්ශකය 21,405.62 ක් වශයෙන් සටහන් විය. එසේම, වඩාත් තරල S&P SL20 දර්ශකයද ලකුණු 1.13 කින් (සියයට 0.02 කින්) පහළ යමින් 6,019.25 ක් ලෙස වාර්තා විය. වෙළඳපොළ වාර්තාවලට අනුව අද දින වාර්තා වූ සමස්ත දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1.5 ක් වන අතර, බැංකු අංශය විසින් ඉහළම පිරිවැටුම වාර්තා කරන ලදී.
















