මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් නිර්මාණය වූ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ, ඊයේ (11) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයන් කැපී පෙනෙන පහළ යාමක් වාර්තා කළේය.
සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 191.45කින් පහළ ගොස්, දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 21,270.02ක් ලෙස සටහන් විය. ඒ අතරතුර S&P SL20 දර්ශකය ඒකක 50.14ක පහළ යාමක් වාර්තා කරමින් දිනය අවසානයේදී ඒකක 5,935.28ක් ලෙස සටහන් විය. ආයෝජකයින්ගේ සහභාගීත්වයේ පැවති මන්දගාමී ස්වභාවය නිසා දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 1.66කට සීමා විය.
මෙම තත්ත්වය ආසියානු කලාපයේ මෙන්ම ලොව පුරා අනෙකුත් වෙළෙඳපොළවල්වලින්ද වාර්තා වූ ගෝලීය පසුබෑමක ප්‍රතිඵලයක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙති.
















