හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත දේශපාලන කරළියට පිවිස ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදිනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන ගැටලු විසඳීම සඳහා පවතින සුදුසුම විසඳුම වන්නේ රට යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීම බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
















