කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක සඳුදා (14) උදෑසන ගනුදෙනු අතරතුර සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 3.72කින් ඉහළ ගොස් ඒකක 21,379.02ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.02ක වර්ධනයකි.
වඩාත් ද්‍රවශීලී S&P SL20 දර්ශකයද ඒකක 3.03කින් හෙවත් සියයට 0.05කින් ඉහළ ගොස් ඒකක 6,005.49ක් ලෙස සටහන් විය.
ASPI දර්ශකයේ ඉහළ යාමට කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව සහ RIL ප්‍රොපර්ටි සමාගමේ කොටස් මිල ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.
කොමර්ෂල් බැංකුවේ කොටසක මිල සියයට 0.61කින් ඉහළ ගොස් රුපියල් 205.75ක් වූ අතර, හැටන් නැෂනල් බැංකුවේ කොටසක මිල සියයට 0.46කින් ඉහළ ගොස් රුපියල් 382.75ක් විය. RIL ප්‍රොපර්ටි කොටසක මිලද සියයට 1.66කින් ඉහළ ගොස් රුපියල් 24.50ක් ලෙස සටහන් විය.
කෙසේ වෙතත්, LOLC Holdings, Hayleys සහ Dialog Axiata යන සමාගම්වල කොටස් මිල පහත වැටීම වෙළෙඳපොළ දර්ශකයට සෘණාත්මක බලපෑමක් එල්ල කර තිබේ.
උදෑසන වන විට වෙළෙඳපොළ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 42.1ක් ලෙස සටහන් වූ අතර, එහිදී Capital Goods අංශය රුපියල් මිලියන 15.38ක පිරිවැටුමක් වාර්තා කරමින් වැඩිම දායකත්වය ලබාදී තිබේ.














