අඛණ්ඩ වෙළෙඳපොළ පසුබෑම හමුවේ ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය රුපියල් බිලියන 323.97කින් පහත වැටී තිබේ.
ඊයේ (20) දිනයේදී ද වෙළෙඳපොළ පහත වැටුණු අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 75.64කින් පහත වැටී ඒකක 19,983.78ක් ලෙස ගනුදෙනු අවසන් කළේය. ඒ අනුව, එම දර්ශකය ඒකක 20,000 සීමාවෙන් පහළට පැමිණ තිබේ.
එසේම S&P SL20 දර්ශකය ද ඒකක 19.24කින් පහත වැටී ඒකක 5,681.51ක් ලෙස සටහන් විය.
ඔක්තෝබර් මාසය ආරම්භයේදී රුපියල් බිලියන 7,548.18ක්ව පැවති කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය ඊයේ දිනය අවසන් වන විට රුපියල් බිලියන 7,224.21ක් දක්වා අඩු වී තිබේ.
මීට වසරකට පෙර, 2025 ඔක්තෝබර් 14 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ ප්රාග්ධනීකරණය පළමු වරට රුපියල් ට්රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
















