කොළඹ කොටස් වෙළෙඳපොළේ නව මාසයක ආරම්භක ගනුදෙනු දිනය වූ අද (03) දින ප්‍රධාන මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් දක්නට ලැබුණි.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 7.43 කින් පහළ ගිය අතර, S&P SL20 දර්ශකයෙහි ඒකක 0.31 ක ඉතා සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව, ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,121.78 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 5,940.29 ක් ලෙසත් වාර්තා විය.
දිනය තුළ රුපියල් බිලියන 1.41 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර, එය වසරේ මේ දක්වා දෛනික පිරිවැටුමේ සාමාන්‍යය වන රුපියල් බිලියන 4.03 ට වඩා අඩු අගයකි.
ලංකා මිල්ක් ෆුඩ්ස් (රු. මිලියන 195), කොමර්ෂල් බැංකුව (රු. මිලියන 145) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 116) යන සමාගම් අද දින දෛනික පිරිවැටුමට රුපියල් මිලියන 100 ඉක්මවූ දායකත්වයක් ලබා දුන්නේය.
මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ 2026 ජනවාරි සිට ජූලි දක්වා මාස 07 ක කාලපරිච්ඡේදය තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 6.61% ක කඩාවැටීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන බවයි.














