ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයන් යහපත් වීමත් සමඟ ආයෝජක විශ්වාසය තහවුරු වෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) අඛණ්ඩව තෙවන දිනටත් ඉහළ යාමක් වාර්තා කළේය.
සමස්ත මිල දර්ශකය (ASPI) ඒකක 184.32කින් (+0.82%) ඉහළ ගොස් ඒකක 22,773.29ක් ලෙස සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 33.18කින් (+0.53%) ඉහළ ගොස් ඒකක 6,263.94ක් ලෙස සටහන් විය. දවසේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.97ක් ලෙස වාර්තා වූ අතර කොටස් මිලියන 221.62ක් ගනුදෙනු වී තිබේ. මින් ප්‍රාග්ධන භාණ්ඩ අංශය (Capital Goods) රුපියල් බිලියන 1.06ක පිරිවැටුමක් වාර්තා කරමින් වෙළෙඳපොළට වැඩිම දායකත්වයක් ලබා දුන්නේය.
දර්ශකයේ ඉහළ යාමට CFIN, HHL, HAYL, CTHR සහ BIL යන සමාගම් ප්‍රධාන වශයෙන් දායක වූ අතර වෙළෙඳපොළ තුළ මිල ඉහළ ගිය සමාගම් 160ක් සහ මිල පහළ ගිය සමාගම් 63ක් ලෙස වාර්තා විය. විදේශීය වෙළෙඳපොළවල සිදුවන සුබවාදී වෙනස්කම් හමුවේ දේශීය ආයෝජකයින් නැවතත් සක්‍රීය ලෙස වෙළෙඳපොළට අවතීර්ණ වීම මෙම වර්ධනයට ප්‍රධාන හේතුව වී ඇත.














