පාකිස්තාන රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව ක්‍රියාත්මක වන අල්ලාමා ඉක්බාල් ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පාකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකික සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ. මෙම ප්‍රදර්ශනය හෙට (2026 ජූලි 02) දින කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ (Faculty of Graduate Studies) ආපනශාලාවේදී පැවැත්වෙන අතර, පෙ.ව. 11.00 සිට ප.ව. 1.00 දක්වා සිසුන්ට ඊට සහභාගී විය හැකිය.
මෙම ප්‍රදර්ශනය මගින් පාකිස්තාන උසස් අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජිතයන් හමුවීමට මෙන්ම, බහිරියා විශ්වවිද්‍යාලය – ඉස්ලාමාබාද්, කොම්සැට්ස් විශ්වවිද්‍යාලය – ඉස්ලාමාබාද්, ඩව් සෞඛ්‍ය විද්‍යා විශ්වවිද්‍යාලය කරච්චි, කයිබර් වෛද්‍ය විශ්වවිද්‍යාලය – පෙෂාවර්, ලියාකත් වෛද්‍ය විද්‍යා විශ්වවිද්‍යාලය -ජම්ෂෝරෝ, පාක් ඔස්ට්‍රියා ෆැක්හෝච්ෂුලේ තාක්ෂණ හා ව්‍යවහාරික විද්‍යා ආයතනය – හරිපූර් සහ ලාහෝර් විශ්වවිද්‍යාලය යන පාකිස්තාන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල නියෝජිතයන් මුණගැසී තොරතුරු ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ.
















