• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩ කරන නායකයකු වෙන්න එන්න අපිත් එක්ක ජනතාවට සේවය කරන්න – විපක්ෂ නායක සජිත්

1 June 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කයිවාරු ගගහ, දේශපාලන සංදර්ශන පවත්ව පවත්ව මොවුන් වැඩක් නොකර වැඩ කරන අයට මඩ ගහන බවත් ඔවුන්ට කියන්න ඇත්තේ 76 වසරක් හිටපු විපක්ෂයන්ගෙන් එවැනි දේවල් ඇහුවත් සමගි ජන බලවේගයෙන් එවැනි දෙයක් අහන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බංකොලොත් රටේ කුහක, ඊර්ෂයාකාරීන් නොවී ප්‍රශ්නවලට උත්තර සහ විසඳුම් සපයන්න සහයෝගය ශක්තිය ලබා දෙන ලෙස මොවුන්ගෙන් ඉල්ලා සිටින බවත් වේදිකාවල බොරු නාඩගම් නටමින් ජනතාව ඇන්දවීමට ලක් නොකර විපක්ෂයේ සිට ජනතාවට, අධ්‍යාපනයට, රෝහල්වලට සේවය කරන්න එන ලෙස විපක්ෂයේ සිටින සෙසු පක්ෂවලට ද ආරාධනා කර සිටින බවත් කයිය නායකයෝ නොවේ වැඩ කරන නායකයකු වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක වරයා කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට මුල්කිරිගල අඹගහහේන මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 214 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රටේ බංකොලොත්භාවය තුළ ජනතාව මර උගුලක සිරවී ඇති බවත් ජීවත් වීම, ණය බරතාව, ආහාර සපයා ගැනීම ආදී සෑම දෙයක්ම මර උගුලක් බවට පත්ව ඇති බවත් සෑම දෙමාපියෙක්ම උත්සාහ කරන්නේ දරුවන්ට එදිනෙදා ආහාර වේල් 3 ලබා දීම වුවත් රටේ පාලකයෝ දරුවන් දෙකට බෙදා කොටස්වලට කඩමින් දිවා ආහාර ලබා දෙන බවත් මේ බෙදීම නැති කර සැමට සමාන අධ්‍යාපන අවස්ථාවක් ලබා දිය යුතු බවත් තොරතුරු තාක්ෂණය මෙන්ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයත් ලබා දීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉන්දියාව තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකාවේ සිලිකන් වැලි නිම්නයට තොරතුරු තාක්ෂණ විශේෂඥයන් රැසක් යැවීමට හැකි වූ බවත් අප රටේ ද මේ පවතින යල්පැනගිය අධ්‍යාපන ක්‍රමය වෙනස් කර දූපත් මානසිකත්වයෙන් බැහැර වී කටයුතු කළහොත් අප රටෙන් ද එවැනි තොරතුරු තාක්ෂණ විශේෂඥයන් බිහි කළ හැකි බව හෙතෙම කියා සිටියේය.

විදේශ රටවල විශ්වවිද්‍යාවලට විවිධ සමාගම් පැමිණ උපාධිය සමත්වීමට වසරකට පෙර අදාළ සිසුන් මුණ ගැසී ඔවුන්ට කොන්දේසි සහිත යෝජනා ලබා දෙන බවත් එහි දී ඉහළ සාමාර්ථ ලබා ගත හොත් ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල හා සමාගම්වල රැකියා ලබා දෙන බව පවසන බවත් එය හෙඩ් හන්ටින් ලෙස හඳුන්වන බවත් එහෙත් අප රටේ සියලු විභාග සමත් වූ උපාධිධාරීන්ට සිදුව ඇත්තේ හෙඩ් හන්ටින් නොව ජෙබ් හන්ටින් කිරීම බවත් රැකියා ලබා ගැනීමට දේශපාලනඥයන් පසුපස ‘අනේ’ කියමින් යාමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එයට හේතු වී ඇත්තේ අප රටේ බහුතරයක් උපාධිධාරීන්ට ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ නිපුණතාව නොමැති වීම බවත් මේ යන ක්‍රමයට නම් මේ රට ගොඩගත නොහැකි බවත් තවදුරටත් සිදුවන්නේ අධ්‍යාපනය විනාශ වීම බැවින් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ පාසලේ සිට ආරම්භ කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

හැමෝම මයික්‍රෆෝනයක් දැක්කම හොඳම දේ දරුවන්ට කියා කිව්වත් හොඳම දේ දරුවන්ට දෙන්නේ සමගි ජන බලවේගයේ සක්වල වැඩසටහන බවත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය කිසිදු විපක්ෂයක් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කර නොමැති බව ආඩම්බරයෙන් කියන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Post Views: 12,547
Previous Post

කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය රට තුළ ප්‍රවර්ධනය කළ යුතුයි – ජනපති

Next Post

මෛත්‍රි පිලෙන් ජනාධිපතිවරණයට සුදානම් 

editor ttvnews

editor ttvnews

Next Post
හිටපු ජනපති මෛත්‍රීපාල රහසිගතවම ඉන්දියාවට !

මෛත්‍රි පිලෙන් ජනාධිපතිවරණයට සුදානම් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved