• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

6 June 2018
in ක්‍රීඩා
ත්‍රස්තවාදීන් සමරන්නන් ම්ලේච්ඡා ක්‍රියාවල වගකීම් භාරගත යුතුයි

ත‍්‍රස්තවාදීන් විරුවන් සේ සමරන්න කටයුතු කරන අය, ඒ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡා කි‍්‍රයාවල වගකීම ද දැරිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් විසින් සිදු කළ අරන්තලා භික්ෂූ ඝාතනයට වසර 31 ගතවීම සහ පූජ්‍ය දිඹුලාගල සීලාලංකාර නාහිමි අපවත් කර 23 වසරක් ගතවීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ පුණ්‍යානුමෝදනා පිංකමකට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ඒ වගේම යම් යම් අය අද ත‍්‍රස්තවාදීන් සමරන්න කටයුතු කරන අය මතක තබා ගත යුතුයි, ඔවුන් එහෙම කටයුතු කරන කොට ඒ ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ කි‍්‍රයාවල වගකීමත් ඒ සෑම සැමරුමකදීම ඒ අය දැරිය යුතු බව. ඒ නිසා අපට මේ රටේ එකට ජීවත්වීම අවශ්‍යයි. සහජීවනය අවශ්‍යයි. නමුත් කවුරුන් හරි වෙන්වෙලා යන්න ඕනෙයි කියනවා නම්. ඒ සඳහා යුද්ධ කරන්න ඕනෙයි කියනවා නම් පරණ ත‍්‍රස්තවාදී ම්ලේච්ඡා කි‍්‍රයා වීරාභිවාදනයට නංවනවා නම් අපටත් සිදුවනවා ඒ අනුව පියවර තබන්න. ඒ නිසා මා හිතන්නෙ මේ රටේ ඉදිරි කාලයේදී මෙවැනි ප‍්‍රශ්න ඇතිකිරීමට ඕනතරම් බලමුළු උත්සාහ දරයි. නමුත් මේ අතීත අත්දැකීම් වලින් ඉගෙන ගෙන අපි නැවත එවැනි ලේ වැගිරීම් ඇති නොවන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි අතීතයේ ඇතැම් නායකයෝ දනගහල දීනයෝ වගේ කටයුතු කලා වගේ යටත් වෙන්න කියන මානසිකත්වයෙන් නෙමෙයි දෙපයින් නැගී ඉඳලා අපිට මේ සාමය ඇති කරන්න කටයුතු කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත්, ජීවිත පූජා කළ දිඹුලාගල නායක ස්වාමීන් වහන්සේ හෑගොඩ ඉන්ද්‍රසාර ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ නායක ස්වාමිපාදයන් වහන්සේලාත්, දෙපයින් හිටගෙන සටන් කර මේ රට මුදා ගත්ත අපේ රණවිරුවන් ඇතුළු, ඒ වගේම බෝම්බ ප‍්‍රහාරවලට ලක් වූ , ගම්වල කෑලිවලට කපලා දාපු අහිංසක ජනතාව වෙනුවෙනුත් ඒ වගේම මේ යුධවාදී තත්වයන් හමුවේ මිය ගිය සියළුම අහිංසක දෙමළ, මුස්ලිම් ජනතාව ඇතුළු සියළු දෙනාගෙන්ම, ඒ ජීවිතවල වටිනාකම මත තමයි නැවත වතාවක් මෙවැනි සිදුවීම් ඇති කරන්න නොදී ප‍්‍රභාකරන්ගේ පුංචි පුංචි අංකුර තැන් තැන්වල ඇතිවෙමින් තිබෙනවා, අංකුර තත්වයේදීම ඒවා නැවත ඇතිනොවෙන්න කඩලා බිඳලා දාන්න කටයුතු කිරීම.

ඒ නිසා අපි රටවල්වලින් පාඩම් ඉගෙන ගත යුතුයි. ජර්මනියේ මේ වගේ තත්වයක් ඇතිවුණා, අදටත් හිට්ලර්ගේ නමවත් කියන්න බැහැ. ඒ වගේම කම්බෝජියාව ආදී රටවල්වලත් මේ වගේ ත‍්‍රස්තවාදී හිටියා ඒ අයගේ නම් අදටත් කියන්න බැහැ ඒ රටවල්වල. ඒ මොකද ඒ රටවල්වල හැම කෙනෙක්ම ලේ කඳුලූ වලින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. අවාසනාවකට අපේ රට තව තවත් මේ ආකාරයට ඉඩදීම් තුළින් මේ ත‍්‍රස්තවාදය විරාහාභිවාදනයට ලක්කිරීමෙන් සිදු කරන්නේ විශාල වරදක්. ඒ නිසා සාමකාමීව ජීවත් වෙන්න ලැදි සෑම ජන කණ්ඩායමකටම නිදහසේ හුස්ම අරගෙන ජීවත් වෙන්න මේ රට පුරාම තිබෙන අයිතිය නැති කරන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පටහැනිව කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් ජාති ආගම් කුල බේදයෙන් තොරව එකට එකතු වෙලා කටයුතු කළ යුතු කාලය උදාවී තිබෙනවා ‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 25
Previous Post

රුසියානු පිළිකා ඖෂධයෙන් රෝගීන්ට සංකූලතාවයක් නෑ

Next Post

කලණ මිතුරු පොත් සුමිතුරු – ජාතික වැඩසටහන ඇරඹේ

editor

editor

Next Post
කලණ මිතුරු පොත් සුමිතුරු – ජාතික වැඩසටහන ඇරඹේ

කලණ මිතුරු පොත් සුමිතුරු - ජාතික වැඩසටහන ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved