දශක දෙකහමාරකට ආසන්න කාලයක් පුරා මෙරට මූල්ය ක්ෂේත්රයේ දැක්වූ විශිෂ්ටත්වය සහ අඛණ්ඩ කාර්යසාධනය ඇගයීමට ලක්කරමින්, ජාත්යන්තර ග්ලෝබල් ෆයිනෑන්ස් (Global Finance) සඟරාව මඟින් 24 වන වරටත් ශ්රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව නම් කර තිබේ. ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සහ ලෝක බැංකු වාර්ෂික හමුවට සමගාමීව තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ‘ලෝකයේ හොඳම බැංකු 2026’ ගෝලීය සම්මාන උළෙලේදී කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් මෙම කීර්තිමත් සම්මානය නිල වශයෙන් භාර ගන්නා ලදී.
ලෝකයේ රටවල්, ප්රදේශ සහ දිස්ත්රික්ක 150 කට අධික සංඛ්යාවක ඉහළම කාර්යසාධනයක් සහිත බැංකු ආයතන ඇගයීමට ලක්කළ මෙම උත්සවයේදී, ශ්රී ලංකාවේ හොඳම ඉස්ලාමීය බැංකුවට හිමි සම්මානය ද කොමර්ෂල් බැංකුව වෙත හිමිවීම විශේෂත්වයකි. දැඩි ගෝලීය සහ දේශීය ආර්ථික අභියෝග හමුවේ වුවද කොමර්ෂල් බැංකුව පවත්වාගෙන ගිය මූල්ය ස්ථාවරත්වය, තාක්ෂණික නවෝත්පාදන සහ පාරිභෝගික විශ්වාසනීයත්වය මෙම ජාත්යන්තර ඇගයීමට ප්රධාන හේතුව වී ඇති අතර, එය මෙරට සමස්ත බැංකු පද්ධතියේ විශ්වසනීයත්වය ජාත්යන්තර මූල්ය ක්ෂේත්රය තුළ තවදුරටත් තහවුරු කිරීමට සමත්ව තිබේ.
මෙම ගෝලීය ජයග්රහණයත් සමඟ ශ්රී ලංකාවේ මූල්ය ස්ථාවරත්වය සහ ආයෝජන පරිසරය කෙරෙහි විදේශීය ආයෝජකයින්ගේ පවතින විශ්වාසය තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විචාරකයෝ පෙන්වා දෙති. පාරිභෝගික කේන්ද්රීය සේවා සහ ඩිජිටල් බැංකුකරණ විසඳුම් පුළුල් කරමින් ඉදිරියට යන කොමර්ෂල් බැංකුවේ මෙම මූල්ය නායකත්වය, ඉදිරි වසරවලදී ද දේශීය ආර්ථිකයේ පුනරුදයට මෙන්ම කලාපීය මූල්ය ක්ෂේත්රයේ ශ්රී ලංකා නාමය ඉදිරියට ගෙන යාමට ප්රබල පිටිවහලක් වනු ඇත.














