මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ භාණ්ඩ මිල (Commodities) තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇති අතර, එමඟින් ලොව ප්‍රධාන මුදල් ඒකකවල පවතින පිළිවෙළ ද වෙනස් කරමින් පවතියි. විශේෂයෙන්ම තෙල් සහ ස්වභාවික සම්පත් අපනයනය කරන රටවල් වන නෝර්වේ, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල මුදල් ඒකක, අනෙකුත් ප්‍රබල මුදල් ඒකක අභිබවා ඉදිරියට පැමිණෙමින් තිබේ. මෙම රටවල් සිය අපනයන භාණ්ඩ මත පදනම්ව සිය ආර්ථික ශක්තිය ගොඩනගා ගැනීම මීට ප්‍රධාන හේතුවයි.
වර්තමාන තත්ත්වය අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මේ වසරේ වැඩිම වර්ධනයක් පෙන්වූ මුදල් ඒකකය බවට නෝර්වේ ක්‍රෝන් (Norwegian crown) පත්ව ඇති අතර ඕස්ට්‍රේලියානු ඩොලරය ද ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කරමින් සිටියි. භාණ්ඩ මිල ඉහළ යාම මත පදනම් වූ මෙම මුදල් ඒකක (Commodity Currencies) ඉදිරි කාලයේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පුරෝකථනය කරති. ලොව විශාලතම ආර්ථිකයන් යුදමය බලපෑම් හමුවේ අභියෝගවලට ලක්වෙද්දී, සම්පත් බහුල රටවල මුදල් ඒකක මෙලෙස ලෝක මූල්‍ය වෙළෙඳපොළේ ප්‍රමුඛස්ථානයට පැමිණීම විශේෂත්වයකි.














