• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ලබන 1 වෙනිදා ලංකාවට

30 July 2018
in දේශීය

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අගෝස්තු මස පළමුවැනි බදාදා දින සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යංශය නිවේදනය කළේ 2016 අප්‍රේල් මස මහලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව ඇය යෙදෙන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවයි.

ඒ අනුව, මහලේකම්වරිය අගෝස්තු පළමුවැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවීමට නියමිතය. අගෝස්තු 02 සහ 03 යන දිනවල මහලේකම්වරිය, සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම; පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා; තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක; රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර; අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් මුණගැසීමට නියමිතය.

මහලේකම්වරියගේ මෙම හමුවීම්වල ප්‍රධාන අරමුණ වන්නේ අන්තර්-පොදු රාජ්‍ය මණ්ඩලීය වෙළෙඳාම වැඩිදියුණු කිරීම ඇතුළුව ලන්ඩනයේ පවත්වන ලද 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී එකඟ වූ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීමෙහිලා සහයෝගීතාව වර්ධනය කරගැනීමයි.

“පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප්‍රඥප්තිය” ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත. මෙම ප්‍රඥප්තිය යටතේ, කඩොලාන ප්‍රතිසංස්කරණය කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩල වෑයමට ශ්‍රී ලංකාව නායකත්වය සපයයි.

Post Views: 8
Previous Post

අපි වහල්ලු නෙමෙයි – ඇමැති හරින්

Next Post

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

editor

editor

Next Post

ඉම්රාන් ඛාන් ලබන 11 දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved