27 April 2024
#දේශීය

ඡන්ද අල්ලස් ගැන පැෆ්රල් සංවිධානයෙන් පැමිණිල්ලක්

මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එනම් ජූනි මස 15 වන දින නවක කාන්තා ආරක්ෂක නිලධාරිනියන් 22 දෙනෙකු බඳවා ගෙන පුහුණු වීම් සඳහා යොදවා ඇති වාර්තා වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය විසින් අදාළ තොරතුරු ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් මැතිවරණ කාල සිමාව තුළදී මෙවැනි පත්කිරීම් බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව සහ රාජ්‍යසේවා කොමිෂන් සභාවද නොමග යවමින් සිදුකර ඇති අතර බදවා ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්ද නොසලකා හරිමින් සිදුකර ඇති බව පැෆ්රල් සංවිධානය කියා සිටියේය.

 

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කල පැමිණිල්ල සම්පුර්ණයෙන් මෙසේ සඳහන් කර තිබේ.

 

මහින්ද දේශප්‍රිය මහතා, 2020.07.13
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය

ගරු සභාපතිතුමනි,

දුම්රිය ආරක්ෂක අධිකාරිය මගින් කාන්තා ආරක්ෂක පත්වීම් ඡන්ද අල්ලස් ලෙස ලබාදීම.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එනම් ජූනි මස 15 වන දින නවක කාන්තා ආරක්ෂක නිලධාරිනියන් 22 දෙනෙකු බඳවා ගෙන පුහුණු වීම් සඳහා යොදවා ඇති බව දුම්රිය ආරක්ෂක නිලධාරීන්ගේ සංගමය අප වෙත තොරතුරු එවා ඇත.

ඔවුන්ගේ ලිපියට අනුව එම පත්කිරීම් බඳවා ගැනීමේ පටිපාටියෙන් බැහැරව සහ රාජ්‍යසේවා කොමිෂන් සභාවද නොමග යවමින් සිදුකර ඇති අතර බ`දවා ගැනීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්ද නොසලකා හරිමින් සිදුකර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙවැනි බඳවා ගැනීමක් මැතිවරණ කාලය තුළ සිදුකල නොහැකි බැවින් මේ පිළිබඳව ඔබතුමන්ගේ අවධානය යොමුකර සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඉහත තොරතුරු සනාථ කිරීම සඳහා අපවෙත එවා ඇති ලේඛන ඔබතුමාගේ අවධානය සඳහා මේ සමග ඉදිරිපත් කරමු.

මෙයට,
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

Leave a comment

Your email address will not be published. Required fields are marked *