• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නාගරික සංවර්ධන අධිකාරිය ආරම්භ කර ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් අවසන් කරන්න – ඇමති ප්‍රසන්න

6 May 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩ ආරම්භ කර ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ මහා භාණ්ඩාගාර අරමුදල් භාවිත කරමිනි. ඒ අනුව ව්‍යාපෘති 11 සඳහා මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. එම මුදල් භාවිතාකර ව්‍යපෘති දෙකක් ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් මෙම සංවර්ධන ව්‍යාපෘති 11 ක්‍රියාත්මක කරනු ලැබේ.

ඒ අනුව සියක් නගර පහසුකම් සංවර්ධනය හා නගර සංවර්ධන වැඩසටහන සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන්ව තිබේ. එමෙන්ම රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 400ක මුදල් මහා භාණ්ඩාගාරය විසින් වෙන්කර ඇත.

මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් පැවසුවේ මෙම ව්‍යාපෘති සඳහා තවත් මුදල් අවශ්‍ය බවයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට තමන් මහා භාණ්ඩාගාරය සමඟ තමන් සාකච්ඡා කරන බවයි.

ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම එම ව්‍යාපෘති 11යි.

මෙම ව්‍යාපෘති යටතේ නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ව්‍යුහ ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හො අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසළ බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු සිදුකරනු ලැබේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ අසංවිධානාත්මක හා අක්‍රමවත් පරිදි සංවර්ධනය වූ ප්‍රාදේශීය නගර ප්‍රතිසංවර්ධනය කිරීම තුලින් ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතබව අවම කළ යුතු බවයි.

ඒ අනුව සියලුම ජනතාව වෙත සමාන නාගරික පහසුකම් ලබාදීම තුලින් ජනතාවගේ සමාජීය හා ආර්ථික අවශ්‍යතාවයන් ඉටුකිරීම රජයේ වගකීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ගේ හා මහජනතාවගේ අදහස්වලට නිරන්තරයෙන්ම මූලිකත්වය ලබාදෙන ලෙසද බලධාරීන්ට උපදෙස් දුන්නේය.

Post Views: 9,889
Previous Post

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීමට අයැදුම්පත් කැඳවයි

Next Post

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීම් නාම ලේඛණය වෙබ් අඩවියට නිකුත් කෙරේ – රාජ්‍ය අමාත්‍ය අශෝක

editor ttvnews

editor ttvnews

Next Post
ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීම් නාම ලේඛණය වෙබ් අඩවියට නිකුත් කෙරේ – රාජ්‍ය අමාත්‍ය අශෝක

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීම් නාම ලේඛණය වෙබ් අඩවියට නිකුත් කෙරේ - රාජ්‍ය අමාත්‍ය අශෝක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved