27 April 2024
#දේශීය

මාතලේ ජනතාවට අත්‍යවශ්‍ය දේ මිලදී ගන්න සහන කාලයක්

නිරෝධායන ඇදිරිනීතිය ලබන 6 වෙනිදා දක්වා දීර්ඝ කිරීම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට සහන කාලයක් ලබාදීමට මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටුව තීරණය කොට තිබේ.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා අද (28) දින ප.ව. 12.00 සිට ප.ව. 8.00 දක්වා තොග බෙදා හැරීම සදහා තොග වෙළදසැල් පමණක් විවෘතව තැබීමට නියමිතය.

සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා 29 වන ඉරිදා දින හෙට පෙ.ව. 6.00 සිට මධ්‍යහ්න 12 දක්වා අත්‍යාවශ්‍ය අහාරද්‍රව්‍ය වෙළදසැල් පමණක් විවෘතව තැබීමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටව යා හැකි අතර සෑම විටම තමන්ට ආසන්නම වෙළදසැල්වලින් තම අවශ්‍යතාවයන් සපුරා ගන්නා ලෙස කෝවිඩ් පාලන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.ජී.පෙරේරා, මාතලේ දිස්ත්‍රික් කෝවිඩ් මර්දන කමිටුවේ සම්බන්ධීකාරක මේජර් ජනරාල් නිශාන්ත මානගේ යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙන් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පැවැති දිස්ත්‍රික් කෝවිඩ් පාලන කමිටුවේදී මෙම තොරුතුරු අනාවරණය විය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *