• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අබාධ සහිත පුද්ගලයන්ට සම්බන්ධීකරණ කේන්ද්‍රස්ථානයක් – ජනමාධ්‍ය අමාත්‍යාංශය

17 September 2021
in දේශීය

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට කිසිදු අපහසුතාවකින් තොරව ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තමන් අතර මෙන්ම බාහිර සමාජය සමඟ සම්බන්ධීකරණය පිණිස කේන්ද්‍රස්ථානයක් ස්ථාපන කිරීමට සැලසුම් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙම කේන්ද්‍රස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිමි මහළේ ස්ථාපනය කෙරේ. අබාධ සහිත තැනැත්තන්ගේ අවශ්‍යතාවන්ට අනුරූපවන පරිදි කේන්ද්‍රස්ථානය සකස් විය යුතු ආකාරය පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා අද (17) ආබාධ සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් සමඟ අදහස් හුවමාරුවක නිරත විය.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති රසාංජලී පතිරගේ මහත්මිය ඇතුළු ශ්‍රව්‍ය, දෘශ්‍ය හා වෙනත් ආබාධ සහිත කිහිපදෙනෙක් ඊට සහභාගී වූහ. ආබාධ සහිත පුද්ගලයන්ට අවශ්‍ය පහසුකම් ඔවුන් වෙතින්ම හඳුනාගනු ලැබූ අතර ඔවුන්ට භාවිත කිරීමට හැකි පරිදි සියල්ල සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආබාධිත පුද්ගලයන් සඳහා පිවිසුම් මාර්ග සකස් කිරීම, සනීපාරක්ෂක පහසුකම් සැලසීම, දෘශ්‍යාබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් පිවිසීමේ මංතීරු ඉදිකිරීම, වාහන නතර කිරීමේ පහසුකම් ආදිය කෙරෙහි අවධානය යොමු කෙරිණි.

ආබාධ සහිත පුද්ගලයන්ගේ යහපත පිණිස සැලසුම් කළ මේ සත්කාර්යයෙහි පෙරමුණ ගැනීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යවරයාට කෘතඥතාව පළ කළ ආබාධ සහිත ඒකාබද්ධ පෙරමුණේ සාමාජිකයෝ ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ජනතාව උදෙසා සෑම රාජ්‍ය ආයතනයකම මෙබදු පහසුකම් සලසන ලෙස ඉල්ලීමක් කළහ.

Post Views: 18
Previous Post

පාර්ලිමේන්තු රැස්වීම් එළඹෙන සතියේ 21 හා 22 වනදා පමණයි

Next Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

editor

editor

Next Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved