• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා නිසා මැතිවරණ බෑ – විහිළු නවතමු -ඇමැති ඩලස්

7 January 2021
in දේශීය

සමස්ත රටම කොවිඩ් 19 වසංගතය විසින් වෙලාගෙන සිටින තත්ත්වය යටතේ මැතිවරණයක් පැවැත්වීමේ වාතාවරණයක් නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පේරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඹුරුපිටිය නගර සංවර්ධන කමිටු රැස්වීම අමතමිනි. කඹුරුපිටිය නගර සංවර්ධනය පාදක කරගනිමින්, පාසල්, ගුරු ගැටළු, මංමාවත්, පොදු වෙළද සංකිර්ණ, ක්‍රීඩාභූමි, පුරන් කුඹුරු අස්වැද්දීම, වැව් ප්‍රථිසංස්කරණය, අනවසර ඉදිකිරීම් ආදි ගැටළු රාශියක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරෙනි.

 එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේය “ ජනාධිපතිවරයා රටට පැහැදිළි පොරොන්දුවක් දීලා තිබෙනවා, කොට්ටාශ මත පදනම් වු සමානුපාතික නියෝජන ක්‍රමයේ සාදනීය ලක්ෂණ රැකෙන මැතිවරණ ක්‍රමයක් හදුන්වලා දෙනවා කියලා. අපේ රටේ ප්‍රධාන දේශපාලන ආයතන 04 ක් තිබෙනවා. විධායකය, පාර්ලිමේන්තුව, පළාත්සභා සහ පළාත් පාලන ආයතන වශයෙන්. විධායක ජනාධිපති ක්‍රමය සදහා ලෝකයේ සෑම රටකටම එකම ආකාරයක් තිබෙනවා. නමුත් ලංකාවේ අනෙක් ආයතන තුනේ තිබෙන්නේ එකිනෙකට වෙනස් ක්‍රම තුනක්. ලෝකයේ ලොකුම දේශපාලන විහිළුවකට හොඳම උදාහරණයක් තමයි මේක. රටේ වගේම ජනතාවගේ වුවමනාව රටේ සුළුතරය මෙන්ම සුලු මතවාද වලට ඇහුම්කන් දෙන කොට්ඨාශයටම වගකියන, මන්ත්‍රීවරයෙක්. කොවිඩ් කියන්නේ විශ්වීය මාරයෙක්. සමස්ත රටම කොවිඩ් උවදුරෙන් වෙලාගෙන සිටින මේ වගේ අවස්ථාවක මැතිවරණයක් වෙනුවෙන් සටන් පාඨ කියනවාට වඩා කොවිඩ් උවදුරෙන් ගැලවීමට මාර්ග සෙවීමයි වැදගත් වන්නේ. අපි කිසිසේත්ම මැතිවරණ කල් දාන්නේ නැහැ. පළාත්සභා පනතේ දුර්වලතා මත තමයි ප්‍රමාදයන් සිදුවී තිබෙන්නේ” යැයි පැවසීය.

මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට කඹුරුපිටිය දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය ආයතන නියෝජිතයන් විශාල පිරිසක් සහභාගී වූහ.

Post Views: 7
Previous Post

ඉන්දීය කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට දෙන්න සූදානම් – විදේශ ඇමති ජයිශංකර් ජනපතිට පවසයි

Next Post

සෞඛ්‍ය ඇමැතිනිය රත්නපුර රෝහල කොරෝනා වෛසරයෙන් ආරක්ෂා කිරිමට පියවර ගනි

editor

editor

Next Post

සෞඛ්‍ය ඇමැතිනිය රත්නපුර රෝහල කොරෝනා වෛසරයෙන් ආරක්ෂා කිරිමට පියවර ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved