සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රට පුරා දියත් කර ඇති තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ දෙවන දින අවසානයේදී භයානක තත්ත්වයක් අනාවරණය වී තිබේ.
මෙම විශේෂ මෙහෙයුම යටතේ දිවයින පුරා පරීක්ෂාවට ලක් කළ සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව 31,155කි. ඉන් පරිශ්‍ර 1,864ක ඩෙංගු මදුරු කීටයන් බෝවී ඇති බව තහවුරු වී ඇත. මෙම පරීක්ෂාවට ලක් කළ කර්මාන්තශාලා, ඉදිකිරීම් බිම් සහ ආගමික ස්ථාන අතරින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මදුරුවන් බෝවිය හැකි අවදානම් මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, සිය නිවෙස් සහ අවට පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට වහාම පියවර ගත යුතු බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි.
















