අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන ජූනි මස 09 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින විමර්ශනවල ප්‍රගතිය සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇතුළු කරුණු අධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
















