පරාටේ බලතල භාවිත කරමින් දයා ගෘප් සමාගම සතු උකස් කළ වත්කම් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට මහජන බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඇතුළු විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අදාළ ණය මුදල් අය කර ගැනීම සඳහා වෙන්දේසි ක්‍රියාවලිය සිදු කිරීමට මහජන බැංකුවට පූර්ණ නීත්‍යානුකූල අයිතියක් පවතින බව තහවුරු කළ අධිකරණය, පෙත්සම්කාර දයා ගෘප් සමාගම වෙත රුපියල් මිලියනයක දඩ මුදලක් ද නියම කළේය.
මෙම නඩු තීන්දුවත් සමඟ දයා ගෘප් සමාගම විසින් මහජන බැංකුවට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1.42ක ණය මුදල අය කර ගැනීම සඳහා එම සමාගමේ වත්කම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකුවට අවසර හිමිව ඇත.
















