අධිකරණය විසින් විදේශ ගමන් තහනම් කර ඇති දේශපාලනඥයින් සහ රජයේ ඉහළ නිලධාරීන් නිරන්තර නිරීක්ෂණයට ලක් කිරීම සඳහා රාජ්‍ය බුද්ධි ඒකකය යොදවා ඇති බව වාර්තා වේ. විවිධ දූෂණ සහ වංචා චෝදනා යටතේ මොවුන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, මෙම පියවර ගෙන ඇත්තේ ඔවුන් නීතියෙන් බේරී විදේශගත වීම වැළැක්වීමේ අරමුණෙනි.
මීට අමතරව, නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරී යාම සඳහා විවිධ ආකාරවලින් විදේශගත වීමට උත්සාහ කළ හැකි බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. මේ නිසා, ගුවන්තොටුපළවල් සහ අනෙකුත් පිටවීමේ මාර්ග ඔස්සේ දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බවත්, අදාළ පුද්ගලයින්ගේ සෑම ක්‍රියාකාරකමක්ම බුද්ධි අංශවල දැඩි අධීක්ෂණයට ලක්ව ඇති බවත් වාර්තා වේ.
රජය අවධාරණය කරන්නේ, නීතියට ඉහළින් කිසිවෙකුටත් කටයුතු කිරීමට ඉඩ නොදෙන බවත්, පවතින පරීක්ෂණවලට බාධාවක් වන කිසිදු උත්සාහයක් සාර්ථක වීමට ඉඩ නොතබන බවත්ය.
















