QR කේත මත පදනම් වූ ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) නිල වශයෙන් තහවුරු කරයි.
සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසන පරිදි, පවතින ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයට සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් තුළ පවතින කනස්සල්ල පදනම් විරහිත බවත්, අනාගතයේදී ද රටට අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව සහතික කිරීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
මීට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ද සඳහන් කර තිබුණේ, මෙරට ඉන්ධන පරිභෝජනය වඩාත් ඵලදායී සහ විධිමත් ලෙස කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.














