ඩීසල් අලෙවි කිරීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද පාඩු විඳීමට සිදුව ඇති බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.
ඔහු සඳහන් කළේ මේ වනවිට ඩීසල් ලීටරයක් අලෙවි කිරීමේදී සංස්ථාවට රුපියල් 60ක පමණ පාඩුවක් සිදුවන බවයි.
කෙසේ වෙතත්, පෙට්‍රල් අලෙවිය තුළින් කිසිදු පෞද්ගලික තෙල් සමාගමකට පාඩුවක් සිදු නොවන බවද සභාපතිවරයා සඳහන් කළේය.
ඩීසල් අලෙවියෙන් සිදුවන පාඩුව පසුගිය කාලයේ පිරිපහදුව හරහා ලැබුණු ලාභය සමඟ කළමනාකරණය කරගත හැකි බවද ඔහු පැවසීය.
අද (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් තෙල් සංස්ථා සභාපතිවරයා මේ බව සඳහන් කළේය.














