• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිකට් දේශපාලනයට හරවලා ක්‍රීඩාව විනාශ කරනවා …! හිටපු ගෞරවනීය සභාපති මම – තිලංග කියයි

21 September 2018
in දේශීය

හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනය ඉදිකරමින් සිදු කළ විනාශය නිසා අවුරුදු ගණනාවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුන බවත් එම වංචාව සොයා බැලීමට නොහැකි වීම පිළිබඳව කණගාටුවන බවත් ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට මැදිහත් වන ලෙසත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

විවාදයේ දී අඳහස් දැක්වූ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා “හම්බන්තොට සූර්යවැව ක්‍රීඩාංගනයට කළ විනාශය නිසා අවුරුදු ගනනවකට මූල්‍යමය වශයෙන් කඩාගෙන වැටුණා. බිලියන 6ක් සූර්ය වැව ක්‍රීඩාංගනය හදන්න ගියා.එකේ පරීක්ෂණයක් කරන්න කිව්ව. අන්තිමට ආණ්ඩුව බාර ගත්තා ඒ ණය ගෙවන්න. මේ හොරු අදටත් අල්ලා ගන්න බෑ. සූර්ය වැව වංචාව සොයපු නැති එක ගැන කණගාටු වෙනවා.ක්‍රීඩා අමාත්‍යතුමා මැදිහත් වෙන්න. සියළු ණය අප ගෙවලා,බිලියන 2.8ක් බැංකුවේ ඉතිරියක් තිබූ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ගෞරවනීය සභාපතිවරක් මම. මට කවදාවත් දේශපාලන ඇඟිලි ගැසීමක් තිබුණේ නෑ. මේ වෙලාවේ ආණ්ඩුවට ඇඟිලි ගැසීමක් කරනවා නම් ඒ දේශපාලන වාසි ගන්න. ඒ අය මොළයක් නැති අවබෝධයක් නැති එක එක කොන්ත්‍රත් කරන මිනිස්සු. ක්‍රිකට් පාලක මණ්ඩලය එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් ගොඩ නැගුණු ආයතන නොවෙයි.මේ සෑම දෙයම දේශපාලනයට හරවලා,මෙය විනාශ කරන්න යනවා. ක්‍රිකට් පාලක මණ්ඩලය එක් එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් ගොඩ නැගුණු ආයතන නොවෙයි.මේ සෑම දෙයම දේශපාලනයට හරවලා,මෙය විනාශ කරන්න යනවා.මේ විවාදයේ අරමුණම මඩ ගැසීමයි.ක්‍රිකට් දියුණු කරන්න නොවෙයි.එහෙම නම් මීට වඩා ප්‍රබුද්ධ සාකච්ඡාවකට යා යුතුව තිබුණා යැයි ද මන්ත්‍රිවරයා පැවසී ය.

Post Views: 13
Previous Post

සංචාරක දිනය වෙනුවෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් 

Next Post

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය….! ඡන්දය කඩිනමින් කළ යුතුයි ….!

editor

editor

Next Post

සීමා නිර්ණ පිළිබඳ වාර්තාව ප්‍රමාදය....! ඡන්දය කඩිනමින් කළ යුතුයි ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved