පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘K’ කාණ්ඩයේ මූලික වටයේ තරගයකින් උස්බෙකිස්ථාන කණ්ඩායම ගෝල 5-0ක් ලෙස සුණු විසුණු කරමින් අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත් විය.
සමස්ත ක්‍රීඩා ලෝකයේම අවධානය දිනාගත් මෙම තරගයේ 6 වැනි මිනිත්තුවේදීම පෘතුගාලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) සමත් විය. මෙම ඓතිහාසික ගෝලයත් සමඟින් ලෝක පාපන්දු ඉතිහාසයේ එකිනෙකට වෙනස් ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල රැස්කළ ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමින් රොනාල්ඩෝ අතිදැවැන්ත ලෝක වාර්තාවක් තමන් සතු කරගත්තේය. රොනාල්ඩෝගේ මෙම ආරම්භයෙන් පසු පෘතුගාල ක්‍රීඩකයින් පූර්ණ ආධිපත්‍යය පතුරුවමින් තවත් ගෝල 4ක් ලබාගෙන තරගය නිමා කළේය.
මේ අතර ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගයක් ලෙස පැනමාව සහ ක්‍රෝඒෂියාව අතර තරගය කැනඩාවේ ටොරොන්ටෝ නුවර, ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
















