වත්මන් ආර්ථිකය තුළ වක්‍ර බදු $80%$ක් සහ සෘජු බදු $20%$ක් ලෙස පවතින අසමතුලිත බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැරවීම රජයේ ප්‍රධාන අරමුණ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඊයේ (23) පාර්ලිමේන්තු සභාවාරයේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයකට ද පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය පාලන කාලයන් තුළ නීතිය සාමාන්‍ය ජනතාවට පමණක් ක්‍රියාත්මක වී ප්‍රභූ පැලැන්තිය ආරක්ෂා කළ ආකාරය පෙන්වා දුන්නේය. වත්මන් රජය සියලු වරප්‍රසාද කපා හරිමින් ජනතාව වෙනුවෙන් වැඩ කරන බවත්, සෘජු බදු නිසි ලෙස එකතු කරගනිමින් බදු දැල පුළුල් කිරීමට සහ වක්‍ර බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය ගන්නා පියවර කිසිසේත් පසුපසට නොගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















